Open Hours: 9:00 AM to 6:00 PM

Contact Info

+94 77 776 7610

hearingsolutions@visioncare.lk

No.6, Ward Place, Colombo 07, Sri Lanka.

News & Blogs

ශ්‍රවණ උපකරණ සදහා විෂන් කෙයා විශේෂ ඇයි ?

ශ්‍රවණ උපකරණ සදහා විෂන් කෙයා විශේෂ ඇයි ?

ශ්‍රවණ උපකරණ වර්ග සදහා මාදිලි රැසක් මෙන්ම මේ වන විට ලංකාව පුරා විවිධ ආයතන මගින් ඔබට මෙම උපකරණ මිලදී ගත හැකිය.ශ්‍රවණ උපකරණයක් යනු කුඩා ඉලෙක්ට්‍රෝනික උපකරණයක් වන අතර ඇසීමේ දුර්වලතා ඇති අයට එමගින් සැලසෙනුයේ ඉමහත් අස්වැසිල්ලකි.ශ්‍රවණ උපකරණයක් භාවිත කරනුයේ ශ්‍රවණ ඌණතාවක් ඇති අයෙක් තමාට නොඇසෙන,එහෙත් එදිනෙදා ජීවිතයේදී සන්නිවේදනය සදහා අත්‍යාවශ්‍ය කාර්යයන් ඉටුකර ගැනීමටය.එහෙත් බොහෝ දෙනා ඇසීම වර්ධනය කරන උපකරණයක් මිසක හඩෙහි ඇති පැහැදිලි බව,වැඩසටහන් මාරු කර ගැනීමේ ඇති හැකියාව,අනෙකුත් සන්නිවේදන උපකරණ සමග සම්බන්ධ වීමේ ඇති හැකියාව, පිටතට පෙනීමෙන් වැළකීමට ඇති ක්‍රම පිළිබදව වැඩි අවධානයක් යොමු නොකරයි.

විෂන් කෙයා ශ්‍රවණ පරීක්ෂණ අංශය මගින් ඔබගේ එදිනෙදා ජීවිතයේ කටයුතු වඩාත් පහසු ලෙස කරගැනීමට අවශ්‍ය විශ්වසනීය සේවයක් සැපයීමට නිතැතින්ම සූදානම්ව සිටියි.

විෂන් කෙයා ශ්‍රවණ පරීක්ෂණ අංශය පළපුරුදු,සුදුසුකම්ලත් ශ්‍රවණ වේදීන් සමූහයක් මගින් ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන ලෙස ශ්‍රවණ උපකරණ සැපයීම මෙන්ම පූර්ණ ශ්‍රවණ පරීක්ෂණ සිදු කරගැනීමට හා මැදකන ආශ්‍රිත පරීක්ෂණ මෙන්ම ශ්‍රවණය සම්බන්ධ සියලුම පරීක්ෂණ සිදු කර ගැනීම සදහා සුදුසු පහසුකම් වලින් සමන්විත වේ.විෂන් කෙයා ශ්‍රවණ පරීක්ෂණ අංශයේ විශේෂත්වය වනුයේ නිවැරදි කාර්යක්ෂම,විශ්වසනීය සේවාවක් තම පාරිබෝගිකයන් වෙත ලබා දීමයි.ශ්‍රවණ උපකරණයක් මිලදී ගැනීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු කරුණ අතර ශ්‍රවණ උපකරණයේ මිල පමණක් නොව එය ලබා ගන්නා ආයතනය මගින් ලබාදෙන සේවාවන් මෙන්ම වගකීම ද වැදගත් වේ.

විෂන් කෙයා ශ්‍රවණ පරීක්ෂණ අංශය මගින් ඩිජිටල් උපකරණ සදහා වසර 2ක අසමසම වගකීමක් ලබා දෙන අතර අලෙවියෙන් පසු සේවා කරගැනීම සදහා නොමිලේම අවස්තාවක් ඔබට ලබා දෙයි.මාස 6කට වරක් ශ්‍රවණ පරීක්ෂණය නොමිලේම සිදු කරගැනීමටත්,මාස 03කට වරක් ශ්‍රවණ උපකරණය නොමිලේ සේවා කරගැනීමටත් ඔබට හැකියාව ලැබේ.එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක ශ්‍රවණ උපකරණයේ හඩෙහි වෙනසක් සිදු කර ගැනීමට වුවද හැකියාවක් ඇත.ඒ සදහා ඔබ කල යුත්තේ වේලාවක් වෙන් කර ගැනීම පමණයි.එම සේවාවන් ජීවිත කාලය පුරාවට නොමිලේ වීම විශේෂ කාරණයකි.

එමෙන්ම නවීන තාක්ෂණයෙන් සවිමත් වූ මාදිලි රැසක ශ්‍රවණ උපකරණ ඔබගේ අතැති මුදලට සරිලන ලෙස ලබාගත හැකි වන අතර පිටතට පෙනෙන බව අඩු ශ්‍රවණ උපකරණද ලබා ගත හැකි වේ.මේ සදහා ඔබ කල යුත්තේ විෂන් කෙයා ශ්‍රවණ අංශය සමග සම්බන්ධ වීමයි.

එමෙන්ම දියවැඩියාව,අධික රුධිර පීඩනය වැනි රෝගාබාධ වලින් කාලයක පටන් පෙළෙන අයෙකු නම් වයස්ගත වීම සමග ශ්‍රවණය පිළිබද ගැටලුවක් ඇත්නම්,විෂන් කෙයා මගින් ඔබට නොමිලේ ශ්‍රවණ පරීක්ෂණයක් සිදුකර ඒ පිළිබදව දැනුවත් බවක් ලබා ගැනීමේ හැකියාවක් ද ලැබෙනු ඇත.

මෙම සියලුම සේවාවන් සපයමින් ශ්‍රවණ ඌණතාවයන්ගෙන් පෙළෙන දහස් ගණනකගේ සුවසෙත උදෙසා කාර්යක්ෂම ඵලදායී විශ්වසනීය සේවාවක් ලබා දීමට විෂන් කෙයා ශ්‍රවණ අංශය සූදානම්ව සිටියි.ඒ සදහා දිවයින පුරා ඇති විෂන් කෙයා ආයතනවල ශ්‍රවණ පරීක්ෂණ අංශය මගින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවති.

වැඩි විස්තර සදහා කතා කරන්න
මධුශානි – 077 0122763
විෂන් කෙයා ශ්‍රවණ පරීක්ෂණ අංශය – ගාල්ල

How can I help you?

Hello!

Click one of our representatives below to chat on WhatsApp or send us an email to [email protected]

Vision Care Hearing Solutions
Whatsapp
Support Chathira Siriwardena